රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සභාපති ධුරයෙන් රෝහිත අබේගුණවර්ධන ඉවත් කරනවා ද නැති ද යන්න සම්බන්ධයෙන් ප්‍රකාශයක් නොකරන්නේ නම්, හෙට උදෑසන උපවාසයක් කිරීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර කියා සිටියා.
ඔහු පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ බව සඳහන් කර සිටියේ, මේ වන විට කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරූ මන්ත්‍රීවරු හත් දෙනෙක් සභාපතිවරයාට විරෝධය පා ඉන් ඉවත් වී ඇති බවයි.
තමා ද කෝප් කමිටුවේ සාමාජිකයෙකු වුවත් ඉන් ඉවත් නොවී සිටින්නේ, සභාපතිවරයාව ඉවත් කිරීමට රජය පාර්ශ්වය කටයුතු කරන බව බලාපොරොත්තුවෙන් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එවැනි පත් කිරීම් හරහා කෝප් කමිටුව මහ ජනතාව තුළ විහිලුවට ලක් වනු ඇති බවයි ඔහු වැඩිදුර කියා සිටියේ.