රුවන් ප්‍රසන්න සහ ඔහුගේ ඉගැන්වීම් ගැන CIDය අධිකරණයට කරුණු කියයි (වීඩියෝ)

අන්තවාදී ආගමික දේශනයන් පැවැත් වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

එහිදී මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ මෙම පුද්ගලයාට වෙනත් සංවිධානවලින් මුදල් ලැබී ඇත්දැයි සොයාබලා එලෙස මුදල් ලැබුණු ආකාරය හා එම මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසයි.

රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති මෙම පුද්ගලයා කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයේ දී කිසියම් විෂ වර්ගයක් ශරීර ගත කර ගැනීමෙන් සියදිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු සිදුකළ දිනයේ දී ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ද විෂ වර්ගයක් පානය කළ ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එමෙන්ම රුවන් ප්‍රසන්න ගුණරත්නගේ අනුගාමිකයින් දෙදෙනෙකු බව පැවසෙන තරුණියක් සහ තරුණයෙකු විෂ ශරීරගත වීමෙන් පසුගිය දා මියගොස් සිටිය දී සොයා ගැනුණා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක් සහ අම්බලන්ගොඩ, තිලක්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණයෙක්.

21 හැවිරිදි තරුණිය සිය නිවස තුළ දී සියදිවි හානිකරගෙන තිබූ අතර, මහරගම ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක දී 35 හැවිරිදි තරුණයා සියදිවි හානිකරගෙන තිබුණා.

මෙලෙස සියදිවි හානිකරගත් මොරිස් ප්‍රීති කුමාර නැමැති 35 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (04) දින අම්බලන්ගොඩ නගර සභා පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණා.

මේ අතර රුවන් ප්‍රසන්න ගුණරත්නගේ අන්තවාදී දේශනවලට සහභාගී වූ පුද්ගලයෙක් වස පානය කර බරපතළ තත්ත්වයෙන් දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වුණා.

පසුගිය 03 වනදා මෙලෙස වස පානය කර ඇත්තේ දිඹුලාගල, සිරිපුර, පළුදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටින 26 හැවිරිදි එක්දරු පියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?