රුවන් ප්‍රසන්න සහ ඔහුගේ ඉගැන්වීම් ගැන CIDය අධිකරණයට කරුණු කියයි (වීඩියෝ)

අන්තවාදී ආගමික දේශනයන් පැවැත් වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

එහිදී මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ මෙම පුද්ගලයාට වෙනත් සංවිධානවලින් මුදල් ලැබී ඇත්දැයි සොයාබලා එලෙස මුදල් ලැබුණු ආකාරය හා එම මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසයි.

රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති මෙම පුද්ගලයා කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයේ දී කිසියම් විෂ වර්ගයක් ශරීර ගත කර ගැනීමෙන් සියදිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු සිදුකළ දිනයේ දී ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ද විෂ වර්ගයක් පානය කළ ජීවිතක්ෂයට පත්ව තිබුණා.

එමෙන්ම රුවන් ප්‍රසන්න ගුණරත්නගේ අනුගාමිකයින් දෙදෙනෙකු බව පැවසෙන තරුණියක් සහ තරුණයෙකු විෂ ශරීරගත වීමෙන් පසුගිය දා මියගොස් සිටිය දී සොයා ගැනුණා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක් සහ අම්බලන්ගොඩ, තිලක්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි තරුණයෙක්.

21 හැවිරිදි තරුණිය සිය නිවස තුළ දී සියදිවි හානිකරගෙන තිබූ අතර, මහරගම ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක දී 35 හැවිරිදි තරුණයා සියදිවි හානිකරගෙන තිබුණා.

මෙලෙස සියදිවි හානිකරගත් මොරිස් ප්‍රීති කුමාර නැමැති 35 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (04) දින අම්බලන්ගොඩ නගර සභා පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණා.

මේ අතර රුවන් ප්‍රසන්න ගුණරත්නගේ අන්තවාදී දේශනවලට සහභාගී වූ පුද්ගලයෙක් වස පානය කර බරපතළ තත්ත්වයෙන් දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වුණා.

පසුගිය 03 වනදා මෙලෙස වස පානය කර ඇත්තේ දිඹුලාගල, සිරිපුර, පළුදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටින 26 හැවිරිදි එක්දරු පියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03