රුපියල් කෝටි 16 ක රත්තරන් ජෙල් තොගයක් කටුනායක දී අත්අඩංගුවට 

රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක වටිනාකමක් රේගුව ඇස්තමේන්තු කර ඇති රත්තරන් ජෙල් සහ කුඩු තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට සූදානම් වූ ව්‍යාපාරිකයන් පස් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් (11) දින දහවල් අත් අඩංගුවට ගෙන තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ අශ්‍රිතව සිය ව්‍යාපාරික මෙහෙයුම් සිදු කරන මීගමුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයන් සිව් දෙනෙකු සහ 55 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙම රත්තරන් ජෙල් තොගය ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මොවුන් (11) දින දහවල් 01.55 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යන ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1176 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 650 ක් බරැති මෙම රත්තරන් ජෙල් කරළ් 23 ක් සහ රත්තරන් කුඩු අඩංගු පැකට් 10 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති රත්තරන් ජෙල් කරල් සහ රත්තරන් කුඩු පැකට් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කාර්මික පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ළිඳකට වැ#ණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි
00:26
Video thumbnail
ළිඳකට වැටුණු අලි තිදෙනාව දැඩි වෙහෙසක් දරලා බේරාගත් හැටි - "එන්න Try කරන්නේ..බකට් එකේ එ#ල්ලිලා එනවා"
03:18
Video thumbnail
විශ්වවිද්‍යාල කොමිසම වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ වැඩ කරන්නේ - මේකද අධ්‍යාපනයට දෙන තටු ?
07:12
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33