රුපියල් දහසය කෝටි හතලිස් ලක්ෂයක වටිනාකමක් රේගුව ඇස්තමේන්තු කර ඇති රත්තරන් ජෙල් සහ කුඩු තොගයක් ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට සූදානම් වූ ව්‍යාපාරිකයන් පස් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් (11) දින දහවල් අත් අඩංගුවට ගෙන තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ අශ්‍රිතව සිය ව්‍යාපාරික මෙහෙයුම් සිදු කරන මීගමුව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරිකයන් සිව් දෙනෙකු සහ 55 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙම රත්තරන් ජෙල් තොගය ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
මොවුන් (11) දින දහවල් 01.55 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යන ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1176 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 650 ක් බරැති මෙම රත්තරන් ජෙල් කරළ් 23 ක් සහ රත්තරන් කුඩු අඩංගු පැකට් 10 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති රත්තරන් ජෙල් කරල් සහ රත්තරන් කුඩු පැකට් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කාර්මික පර්යේෂණ ආයතනය වෙත යොමු කිරීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ .













