තුන්කොන් එක්දින තරගාවලියේ පාකිස්ථානය සමඟ අද (27) පැවති තරගයෙන් පහසු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායමට සමත් වුණා.
ලාහෝර් හි ගඩාෆි ක්රීඩාංගණයේ දී පැවති මෙම තරගය ශ්රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 08කින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය ශ්රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ පන්දුවාර 25යි පන්දු 03ක් තුළ ලකුණු 110කට සීමා වුණා.
අනතුරුව ලකුණු 111ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 01ක් තුළ කඩුලු 02ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් පන්දු 60ක් තුළ ලකුණු 62ක් රැස්කරමින් ජයග්රහණයේ මාවත සකසා දුන්නා.
මෙම ජයග්රහණයත් සමඟ ශ්රී ලංකාව එළඹෙන ඔක්තෝබර් 31 වනදා පාකිස්ථානය සමඟ අවසන් තරගය ක්රීඩා කිරීමට නියමිතයි.
