සිනමාශාලා වෙනුවට මෑතක සිට අනීතිකව සිනමා කාමර තුළ චිත්රපටිය පෙන්වීමෙන් සිනමා ශාලාකරුවන් විශාල අර්බුදයකට පත්වෙන බවට චිත්රපට ප්රදර්ශකයින්ගේ සංගමය චෝදනා කරනවා
කොළඹ පැවැති එම සංගමයේ මාධ්ය සාකච්ඡාවේදී එම චෝදනාව ඉදිරිපත් කෙරුණා.
එහිදී අදහස් දැක්වූ චිත්රපට ප්රදර්ශකයින්ගේ සංගමයේ සභාපති අනුරාධ බී රැකව,
“චිත්රපටිවලට වසන්ත කාලය මෙන්ම ඉඩෝරෙත් එනවා. දැන් අනීතික ලෙස චිත්රපටි කාමර තුළ පෙන්වීම නිසා සිනමා ශාලා කරුවන් විශාල අර්බුදයකට ලක්වෙලා තිබෙනවා. මෙම චිත්රපටි පෙන්වීමේදී කිසිම බද්දකට අසුවෙන්නේ නෑ . ඒ වගේම අපි සිනමා ශාලාවල පෙන්නන චිත්රපටිත් එම කාමර ඇතුළේ පෙන්වීම නිසා විශාල ගැටලුවකට පත්වෙලා තිබෙනවා.
අපි ප්රදර්ශනය කරන නවතම දමිළ චිත්රපටය එම කාමර තුළ පෙන්වනවා කියලා අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. චිත්රපටි පෙන්නනවා කියලා මුවාවෙන් වෙනත් වැරදි දේවල් ස්ථානවල සිදුකෙරෙනවා. මේ ගැන සොයා බලා කටයුතු කරන්න කියලා කියනවා. චිත්රපට සංස්ථාවේ පනත හදලා තියෙන්නේ 1971 අලුත් කෙටුම්පත් හදනවා කියලා කියනවා ඒකට බාලගිරි දෝෂය හැදිලා තිබෙනවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා කොළඹින් පිට සිනමා ශාලාවල්වල බද්ධ අඩු කරන්න කියලා යැයි ද ප්රකාශ කළා.”
චිත්රපට ප්රදර්ශකයින්ගේ සංගමයේ ලේකම් අනුර ජසෙන්තු ලියනගේ එහිදී අදහස් දක්වමින්,
“චිත්රපට පෙන්නන කාමර පිළිබඳව, සිනමා ප්රදර්ශනය පිළිබඳ චිත්රපට ආයතනය දැනුවත් කළා. චිත්රපට පෙන්නන කිසිදු කාමරයක් චිත්රපට සංස්ථාවේ ලියාපදිංචි වෙලා නෑ 1971 රෙගුලාසිවලට අනුකූලවනීතියට අනුකූලව තමයි අපි චිත්රපටය ශාලා පවත්වාගෙන යන්නේ. ඒ වගේම අපි 35%ක බදු මුදලක් චිත්රපටි සංස්ථාව ගෙවනවා ඒකෙන් මුදලක් රජයට යනවා එහෙත් සිනමා කාමරවලින් කිසිදු බදු මුදලක් රජයට යන්නේ නෑ. එම නිසා කඩිනමින් මේ ගැන සොයා බලලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.”
