ධීවර කර්මාන්තය යැපුම් ආර්ථිකයෙන් ඔබ්බට ගෙන ගොස් වාණිජ කර්මාන්තයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා අවශ්ය නව ආයෝජන සිදු කිරීමට සියලු පහසුකම් සැපයීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ, අනුව ධීවර කර්මාන්තයේ දියුණුව උදෙසා ක්රියාත්මක කළ යුතු නව වැඩසටහන් පිළිබඳ විධිමත් සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබුවා.
මත්ස්ය නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම, ධීවර ප්රජාවගේ ආදායම් තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙම සැලසුම් සකස් කිරීමේ අවශ්යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්යාංශයට අදාළ 2027 අයවැය යෝජනා පිළිබඳව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළා.
ජනතාවගේ ජීවන වියදම අවම කිරීමේ අරමුණින් මත්ස්ය නිෂ්පාදන සාධාරණ සහ අඩු මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට අවශ්ය ක්රියාමාර්ග කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන අතර, ඊට අදාළව ධීවර අමාත්යාංශය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.
ධීවර කර්මාන්තයේ වර්තමාන තත්ත්වය, ලංකා ධීවර සංස්ථාවේ කටයුතු, පෑලියගොඩ මධ්යම මත්ස්ය වෙළෙඳ සංකීර්ණයේ ක්රියාකාරිත්වය, එහිදී මතුව ඇති ගැටලු සහ අවශ්ය යටිතල පහසුකම් පිළිබඳවද සාකච්ඡා වුණා.
විශේෂයෙන් ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය ප්රවර්ධනයට නවීන තාක්ෂණයෙන් සමන්විත යාත්රා හඳුන්වාදීමේ අවශ්යතාව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණු අතර, ඒ සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේ වැඩසටහනක් සැලසුම් කර ක්රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා වුණා.
තිරසර වෙරළබඩ යටිතල පහසුකම් සංවර්ධනය සහ හරිත වරාය සංවර්ධන ව්යාපෘති පිළිබඳවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණා.
ශ්රී ලංකාවේ වාර්ෂික මත්ස්ය නිෂ්පාදනය මෙට්රික් ටොන් ලක්ෂ 04කට ආසන්න මට්ටමක පවතින බවත්, ඉන් සියයට 40ක පමණ ප්රමාණයක පසු අස්වනු නාස්තියක් සිදුවන බවත් මෙහිදී අනාවරණය වුණා.
එම නාස්තිය අවම කරගැනීම සඳහා ගත යුතු ක්රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරනු ලැබුවා.
ධීවර කර්මාන්තයේ උන්නතිය සහ ප්රවර්ධනය වෙනුවෙන් ක්රියාත්මක මූල්ය සහායක වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා විමසා බැලූ අතර, ධීවර ණය යෝජනා ක්රම ක්රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු වුණා.
ධීවර කර්මාන්තය, සෙසු කර්මාන්තවලින් වෙනස් බැවින්, ණය යෝජනා ක්රම සකස් කිරීමේ දී එම ක්ෂේත්රය වෙනුවෙන්ම නිර්ණායක සකස් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්යාංශයේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නා.
ජලජීවී වගාව ප්රවර්ධනය කිරීම, ඒ සඳහා නව මධ්යස්ථාන ස්ථාපිත කිරීම සහ එම ක්ෂේත්රයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.
මිරිදිය ධීවර කර්මාන්තයට අදාළව ඉඩම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මහවැලි අධිකාරිය සමග සාකච්ඡා කර විසඳා ගන්නා ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබුවා.
