ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ පාකිස්ථානය ලකුණු 110කට සීමා වෙයි

තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය අද (27) ලාහෝර් හිදී පැවැත්වෙනවා.

තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථානයට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථානය කණ්ඩායමට පන්දුවාර 25යි පන්දු 02කට පමණක් මුහුණදෙමින් සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 110ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිල්ෂාන් මදුශංක කඩුලු 05ක් සහ සහන ආරච්චිගේ කඩුලු 02ක් දවා ගනීමට සමත් වුණා.

තුන්කොන් තරගාවලියේ අවසන් තරගය සඳහා පාකිස්ථාන කණ්ඩායම මේ වනවිටත් සුදුසකම් ලබා ඇති අතර, ශ්‍රී ලංකාව අද තරගය ජයගතහොත් අවසන් තරගයට පිවිසීමේ ඉහළ හැකියාව පවතිනවා.