රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු සහ තවත් පුද්ගලයකු මියයයි

ඊයේ (25) රාත්‍රියේ මරදන්කඩවල හීනුක්කිරියාව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ අනතුරට පත් යතුරු පැදිය පැද වූ බව කියන 65 හැවිරිදි පුද්ගලයකු හා එහි පසුපස ගමන්කළ බව කියන 47 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.

මරදන්කඩවල හබරණ මාර්ගයේ හීනුක්කිරියාව විහාරස්ථානය ඉදිරිපිටදී ඊයේ (25) රාත්‍රි 9ට පමණ අනතුර සිදුව තිබෙනවා.

පොලිස් නිලධාරියා ඇතුලු දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය හබරණ සිට මරදන්කඩවල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

බරපතල තත්ත්වයේ සිටි පොලිස් නිලධාරියා ඇතුලු දෙදෙනා මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මොරගොඩ පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔහු හීනුක්කිරියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර යතුරුපැදිය පැදවූ පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මෙම රිය අනතුරට සම්බන්ධ ලොරි රථය හා එහි රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පදවි ශ්‍රීපුර පදිංචි 30 හැවිරිදි අයෙක්.

පොලිස් අත්අඩංගුවටපත් එම රියදුරැ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

7 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?