රිමාන්ඩ් කෙරුණු කරාපිටියේ වෛද්‍යවරයාට සාධාරණයක් ඉල්ලා විරෝධතාවක් (වීඩියෝ)

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතාට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා අද පිළිකා ඒකකය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුණා.

සුළු සේවකයින් දෙදෙනෙකුට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාල වෛද්‍යවරයා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

පසුගිය 16 වැනිදා පැවති වැඩවර්ජනයට එක් වීම සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට අප්‍රසාදය පලකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒකකය භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

අධිකරණයේදී හෙලි වුණේ එහිදී  වෛද්‍යවරයා විසින් පහරදිමක් සිදුකර ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය වෛද්‍යවරයා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වෛද්‍යවරයාට සාධාරණයක් ඉටු කරන්නැයි ඉල්ලා කරාපිටිය පිළිකා ඒකකයේ වෛද්‍යවරුන් සහ හෙදියන් අද නිහඬ විරෝධතාවක නිරත වුණා.

කරාපිටිය පිළිකා ඒකකය ඉදිරිපිට පැවති විරෝධතාව සඳහා රෝගීන්ගේ ඥාතීන් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12