රාජ්‍ය සේවකයින්ට රැකියාවක් සඳහා විදෙස් ගතවීමට ඇති නීති රීතිවල සංශෝධනයක්

මේ වන විට රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන්ට ජ්‍යෙෂ්ඨත්වය හෝ විශ්‍රාම වැටුපට බාධාවකින් නොවන ලෙස විදෙස්ගත වීමට හැකියාව ලැබෙන පරිදි දැනට පවතින නීති රීති සංශෝධනය කිරීමට ඊයේ (13) රැස වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව අධ්‍යයන කටයුත්තකට හෝ රැකියාවක් සඳහා දැනට සේවයේ සිටින රාජ්‍ය නිලධාරීන්ට සිය සේවා කාලය තුළ උපරිමය වසර 05ක කාලසීමාවක් දක්වා වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ගැනීමට තිබෙන හැකියාව මෙමගින් සංශෝධනය වනවා.

මෙම නව සංශෝධනය අනුව අදාළ සේවකයාගේ විශ්‍රාම වැටුප ගණනය කිරීම දී සහ ජ්‍යෙෂ්ඨත්වය තීරණය වීමේ දී බලපාන නීති රීති ලිහිල් වනු ඇති.

එලෙස සංශෝධනය වූ විධිවිධාන සහ නීති රීති ඇතුළත් චක්‍රලේකය කඩිනමින් නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම යෝජනාව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?