රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂට එරෙහි රිට් පෙත්සමකට දින නියම වෙයි

පාස්කු ඉරුදින එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව නිකුත් කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 24 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා..

මෙම පෙත්සම ඊයේ (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලාව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 24 වැනිදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළා.

සමාජ හා සාමයික කේන්ද්‍රියේ අධ්‍යක්ෂ රොහන් සිල්වා පියතුමා සහ අදාළ ප්‍රහාරයේ විඳිතයකු බවට පුද්ගලයෙක් වන සුරාච් නිලංග විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් එවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබෙන බවයි.

එහෙත් එම නිර්දේශය මෙතෙක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන නොමැති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිර්දේශ ක්‍රියාවට නංවන ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරණයට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54
Video thumbnail
සුන්දර හඟරන්ඔය දිය ඇල්ල ප්‍රදේශය ගැන හෙළිදරව්වක් - රාජ්‍ය නිලධාරීන්ට යන්න දෙන්නත් නැහැ
08:18
Video thumbnail
වැරැද්දක් කළාම නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙන්න ඕනි - අංගුලිමාලටත් ඒ අවස්ථාව තිබුණා
01:39
Video thumbnail
නාමල්ට සෙත් පතන්න කන්දේ විහාරයට ආ ජනතාව - ඔප්පු කළොත් අපි දණ ගහගෙන යනවා කිව්වනේ
02:19
Video thumbnail
නාමල් පුතා දුකක වැටිලා ඉන්නේ - නාමල් පුතාට අපල කාලයක් මේ
02:07
Video thumbnail
"අංගුලිමාලටත් අවස්ථාවක් දුන්නා වැරදි හදාගන්න" - සාගර කාරියවසම්
00:19
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - මිනිස්සු ඔක්කොම බයවෙලා දුවගෙන එයි
00:44
Video thumbnail
"අනේ නාමල් පුතාගේ අපල ගෙවිලා, රාජපක්ෂ පවුලටම සැනසීම ලැබේවා කියලා ඕන්න වැන්දා"
00:30
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන - මොරටුව නගර සභා සේවකයෙක්ට වෙ#
01:22
Video thumbnail
කළබලයක් නෑ හැමෝටම නීතිය සාධාරණ නම් - අපි කරන්න ඕනි දේ රජයම කරලා..ස්තූතියි
05:35