Fly high Get bonus Aviator Phone

රාජ්‍ය ඇමතිගේ මැදිහත් වීමෙන් සිදු වූ විවාහය (වීඩියෝ)

උප්පැන්න සහතික නොමැති පුද්ගලයින් 14000කට අලුතින් උප්පැන්න සහතික ලබාදීමට කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

පුත්තලමේ පැවති ජංගම සේවයකට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ ජංගම සේවාවක් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබුවා.

මෙහිදී උප්පැන්න විවාහ හා මරණ සහතික නොමැති පුද්ගලයින්ට අදාළ සහතික ලබාදීමට කටයුතු කෙරුණා.

නීත්‍යානුකූලව විවාහ නොවී වසර 45ක් එකට ජීවත් වූ යුවළක් නීත්‍යානුකූලව විවාහ කරවීම ද මෙහිදී සිදු වූ අතර රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් සමන්ත විජයසිංහ යන මහත්වරුන් විසිනුයිමෙහිදී සාක්ෂියට අත්සන් තැබීම සිදු කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්නේ මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?