spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රාජපක්ෂ පවුලේ අය මහ රෑ සාකච්ඡා කළේ මොනවාද..? – විශේෂ සාකච්ඡාවේ තොරතුරු මෙන්න

රට තුළ ඇතිව තිබෙන දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වවා.

මෙම සාකච්ඡාව කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (25)රාත්‍රියේ පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමතිවරුන් වන ,චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇතැයි වාර්තා වනවා.

රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදය මෙන්ම ආණ්ඩුවට එරෙහිව ගෙන යන මහජන අරගලය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ .

මෙම සාකච්ඡාව ඊයේ මැදියම් රැය වන තෙක්ම පැවති බවද දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?