රාජකීය ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ හිටපු ලොක්කාට වසර 03ක තහනමක්

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ලුයිස් රුබියල්ස්ට (Royal Spanish Football Federation (RFEF) වසර 03ක කාලයක් පාපන්දු ආශ්‍රිත ව ඇති සියලු ම ක්‍රියාකාරකම් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ පසුගිය අගෝස්තු මාසයේ අග සතියේ දී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමින් නිමා වූ පාපන්දු ලෝක කුසලානයේ දී සිදු වූ සිදුවීමක් හේතුවෙන්.

රුබියෙල්ස් විසින් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් පාපන්දු කුසලානය දිනා ගැනීමෙන් අනතුරු ව ජය සංකේත ප්‍රදානයෙන් පසුව ක්‍රීඩිකා ජෙනිෆර් හර්මෝසෝගේ දෙතොල් සිප ගනු ලැබුවා.

ඒ ඇයගේ අවසරයකින් තොරවයි.

මෙම සිදුවීම විශාල වශයෙන් සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ පුවතක් ලෙසින් කතාබහට ලක් වූ අතර, රුබියෙල්ස්ගේ හැසිරීම බොහෝ පාර්ශ්වයන් මෙන් ම ස්පාඤ්ඤයේ පාර්ලිමේන්තුව සහ අග්‍රාමාත්‍යවරයා ද විවේචනය කළා.

එරට විපක්ෂයේ නියෝජිතයින් සඳහන් කළේ; ක්‍රීඩාවේ ජීව ගුණයට මෙය මහත් අහිතකර බලපෑමක් ඇති කරන බවත්, වහාම ලුයිස් සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටයි.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මෙන් ම ස්පාඤ්ඤ රාජකීය පාපන්දු සම්මේලනයේ ද ලුයිස්ගේ හැසිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් ද කැඳවනු ලැබූ අතර, ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය ලුයිස්ගෙන් ඉල්ලා සිටියේ වහාම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවටයි.

නමුත් ලුයිස් දිගින් දිගටම පැවසුවේ, තමන් ධුරයෙන් ඉවත් නොවන බවත්, තම රට කුළුදුල් කාන්තා පාපන්දු ශූරතාවක් දිනා ගැනීමේ ප්‍රීතිය තමන් හට එම අවස්ථාවේ දී දරාගත නොහැකි වීම නිසාවෙන් ක්‍රීඩිකාවකට එලෙස හාදුවක් දුන් බවයි.

එය වැරදි සිතකින් තමන් සිදු නොකෙරූ බව ද ලුයිස් සිය නිල X (ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් ද පැවසුවා.

කෙසේවෙතත් අදාළ සිදුවීමෙන් තමන්ට දැඩි අපකීර්තියක් එල්ල වූ බව පවසමින්, වින්දිත පාර්ශ්වය වන හර්මෝසෝ විසින් සිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් රාජකීය ස්පාඤ්ඤ අධිකරණයේ ලුයිස්ට එරෙහිව චෝදනාවක් ගොනු කළා.

මේ සමග ම ලුයිස් නඩුව ඇය විසින් ගොනු කරනු ලැබී පැය 48ක් ගතවීමට පෙර ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයෙන් ඉවත් වීමටයි කටයුතු කළේ.

ඊයේ දිනයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් FIFA පැවසුවේ අගෝස්තු මාසයේ කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගයේ පදක්කම් ප්‍රදානෝත්සවයේ දී Rubiales ගේ ක්‍රියාවන් එහි විනය සංග්‍රහයේ 13 වන වගන්තිය උල්ලංඝනය කිරීමක් බවයි.

කලින් ට්විටර් ලෙස හැඳින්වූ X හි සටහනක රුබියල්ස් සිය වාරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ තමන් FIFA හි තීරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානමින් යන්න බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43