රස්සාවයි පරස්ථාවයි දෙකම එකම දවසේ (ඡායාරූප)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 375 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීමේ උත්සවය ඊයේ (30) පැවැත් වුණා.

ඒ, දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

තංගල්ල නගරශාලා ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු මෙම ගුරු පත්වීම් ලබාදීමේ උත්සවය සඳහා මනමාලියක් ද පැමිණ තම ගුරු පත්වීම ලබාගැනීම විශේෂත්වයක්.

අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි දිලිණි මධුෂිකා නැමැති තරුණියගේ විවාහ මංගල දිනය ද ඊයේ (30) දිනට දී තිබීම හේතුවෙන් ඇය මංගල ඇඳුමින් ම සැරසී පැමිණ මෙලෙස තම ගුරු පත්වීම ලබාගෙන තිබුණා.

තමන් මනාලියක් වූ දිනයේ ම තමන්ට ගුරු පත්වීමක් ලැබීම ඉතාමත් සතුටු ගෙන දෙන අමතක නොවන සිද්ධියක් බවයි ඇය පැවසුවේ.