Empty Ad
AFC Banner
Empty Ad

රබර් වත්තේ මුරකරුගේ මරණය ඝාතනයක් බවට හෙළිවෙයි

අතුරුදන්ව සිට දින දෙකකට පසු හමුවූ ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක මුරකරුගේ
මරණය ගෙළ මිරිකා සිදු කළ ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පාදුක්ක මීරියගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අදාළ කර්මාන්ත ශාලාවේම නතර වී සේවය කරන අතර පසුගිය 7 වන සඳුදා පෙරවරු 10.30ට පමණ සිට ඔහු අතුරුදන්ව තිබූ බව සඳහන්.

අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් සහ සේවකයන් ඔහු පිළිබඳ සොයා බැලුවද කිසිදු තොරතුරක් ලැබී නැහැ.

එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට තේ වත්තක හිමිකාරිය තම ඉඩමට ගොස් එහි ඇති පොල් ගස්වල පොල් වැටී ඇත්ද යන්න සොයා බැලීමේදී කැලෑවෙන් වටවූ වතුර නොමැති අනාරක්ෂිත ළිඳ තුළ තිබූ මිනිස් සිරුරක් දැක තිබෙනවා.

අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් විසින් ඒ බව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව හොරණ වැඩ බලන මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ මූලික රෝහලට යොමු කර තිබුණා.

ඊයේ (10) එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ මරණකරුගේ ගෙල ප්‍රදේශයේ අභ්‍යන්තරයේ ඇති වූ තුවාල ස්වාභාවිකව ඇතිවූ තුවාල නොවන බවයි.

ඒවා ගෙළ සිර කිරීමක් වැනි ක්‍රියාවක් හේතුවෙන් සිදු වූ තුවාල බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය කර තිබූ බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

මෙම මරණය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
8
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33

?