රබර් වත්තේ මුරකරුගේ මරණය ඝාතනයක් බවට හෙළිවෙයි

අතුරුදන්ව සිට දින දෙකකට පසු හමුවූ ඉංගිරිය හඳපාන්ගොඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක මුරකරුගේ
මරණය ගෙළ මිරිකා සිදු කළ ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පාදුක්ක මීරියගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අදාළ කර්මාන්ත ශාලාවේම නතර වී සේවය කරන අතර පසුගිය 7 වන සඳුදා පෙරවරු 10.30ට පමණ සිට ඔහු අතුරුදන්ව තිබූ බව සඳහන්.

අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් සහ සේවකයන් ඔහු පිළිබඳ සොයා බැලුවද කිසිදු තොරතුරක් ලැබී නැහැ.

එම කර්මාන්ත ශාලාව ඉදිරිපිට තේ වත්තක හිමිකාරිය තම ඉඩමට ගොස් එහි ඇති පොල් ගස්වල පොල් වැටී ඇත්ද යන්න සොයා බැලීමේදී කැලෑවෙන් වටවූ වතුර නොමැති අනාරක්ෂිත ළිඳ තුළ තිබූ මිනිස් සිරුරක් දැක තිබෙනවා.

අනතුරුව කර්මාන්තශාලාවේ හිමිකරුවන් විසින් ඒ බව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව හොරණ වැඩ බලන මහේස්ත්‍රාත්වරියගේ නියෝග මත මළ සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හොරණ මූලික රෝහලට යොමු කර තිබුණා.

ඊයේ (10) එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ මරණකරුගේ ගෙල ප්‍රදේශයේ අභ්‍යන්තරයේ ඇති වූ තුවාල ස්වාභාවිකව ඇතිවූ තුවාල නොවන බවයි.

ඒවා ගෙළ සිර කිරීමක් වැනි ක්‍රියාවක් හේතුවෙන් සිදු වූ තුවාල බවට වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය කර තිබූ බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

මෙම මරණය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියේ අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34