රතු වරෙන්තු නිකුත් කර තිබූ අඹු – සැමි යුවළක් අත්අඩංගුවට

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස නම්කර සිටි; මෙරටින් පලා ගිය අඹු – සැමි යුවළක් සහ ඔවුන්ගේ බාලවයස්කාර දරුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේ දී මෙම සැකකරුවන් යුවළ සිය දරුවා ද රැගෙන නැවති කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදියි අත් අඩංගුවට ගැනුණේ.

මෙරට තුළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර ඇති බවට සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

කොළඹ – 05 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අහමඩ් සරීම් මොහොමඩ් සියාබ්, ඔහුගේ බිරිඳ 43 හැවිරිදි ෆාතිමා පර්සානා මර්කාබ් සහ ඔවුන්ගේ 14 හැවිරිදි දරුවා ඉකුත් 2021 වසරේ දී බෝට්ටු මගින් ඉන්දියාව වෙත පලා ගොස් තිබුණා.

ඔවුන් ඒ වනවිට ශ්‍රී ලංකාව පුරා මූල්‍ය වංචා විශාල වශයෙන් සිදු කර තිබූ අතර, ඔවුන්ට එරෙහිව කොළඹ , ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල අධිකරණ මගින් ගුවන් ගමන් තහනම් 08ක් ද පනවා තිබියදියි රටින් හොර රහසේ ම පලා ගොස් ඇත්තේ.

සැකකරු සහ ඔවුන්ගේ බාල වයස්කාර දරුවා ඊයේ දහවල් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන්පසුව ඔහුගේ බිරිඳ ද එදින රාත්‍රීයේ ඉන්දියාවේ සිට තවත් ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමේ දී අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදු කළ කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත අද (27) අලුයම භාර කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06