රත්‍රං තොගයක් සමග CID ට භාරවූ දෙමටගොඩ චමින්දගේ සොහොයුරා

මරණ දඩුවම නියමව සිටින පාතාල කල්ලි සාමාජික දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වන රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් අද (29) අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. 

ඔහුගේ අධි සුඛෝපභෝගී මෝටර් රථ 04ක් සහ රත්‍රං කිලෝ එකහමාරක ප්‍රමාණයක්ද එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම වැටලීමේදී සිය භාරයට ගත්තේය.

ඉන්දියාවේ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පසුගිය අප්‍රේල් 10 වනදා එරට මුහුදු සීමාවේදී හෙරෝයින් කිලෝ 300ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ එම හෙ0රෝයින් තොගය මෙරටට රැගෙන එමින් තිබූ බවය.

අනතුරුව ඉන්දීය බලධාරීන් විසින් ඒ පිළිබඳ මෙරට මත්ද්‍රව්‍යනාශක කාර්යංශය වෙත දැනුම්දීමෙන් පසුව ඔවුන් මෙරටදී පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකර තිබුණි.

එම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පොලිසිය පැවසුවේ අදාළ මත්ද්‍රව්‍ය තොගය දෙමටගොඩ රුවන් ට රැගෙන එමින් තිබූ ඒවා බවය.

ඒ අනුව රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන්ගේ දෙමටගොඩ, වේලුවන ටෙරසය ප්‍රදේශයේ පිහිටි නිවසට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් සහ දේපල විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණියේය.

ඒ මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගැනීමේ චෝදනාව යටතේ ඔහු සහා ඔහුගේ දේපළ සිය භාරයට ගැනීම සඳහා ය.

ඒ අනුව ඔහුගේ නිවසේ තිබී රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයක් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක්, සහ නවතම BMW වර්ගයේ මෝටර් රථ දෙකක් පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබීය.

එමෙන්ම නිවසේ තිබූ රත්‍රං කිලෝ එකහමාරක පමණ ප්‍රමාණයක් ද සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් විසින් අදාළ දේපල මිලදී ගැනීමේදී මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලියකියවිලි නීතිවිරෝධී ඒවා බැවින් ඔහුව සහ දේපළ සිය භාරයටගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් සහ දේපළ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේය.

ඒ අනුව අදාළ රත්‍රං භාණ්ඩ සහ අධි සුඛෝපභෝගී මෝටර් රථ අද එම කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

සැකකාර දෙමටගොඩ රුවන් හෙට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46
Video thumbnail
මැයි රැළිය අවසන් කරලා රටටම සෙත් පතන්න ගිය දිලිත්
02:21
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න..කර්මාන්ත ශාලාව අළුවෙලා ගිහින්
01:19
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:10
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:31
Video thumbnail
ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මාලිමාව
09:17
Video thumbnail
සරත්ගේ කතාවත් එක්ක මහා වැස්සක් කඩා වැටෙයි
10:26
Video thumbnail
මෛත්‍රී තමයි රට කඩා වැටීමට වගකියන්න ඕනේ
00:50