Empty Ad
AFC Banner
Empty Ad

රත්‍රං කුඩු පාර්සලයක් ගුවන් යානයේ වැසිකිළියේ

රත්‍රං කුඩු ඇතුලත් පාර්සලයක් කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් යානයක් තුළ වැසිකිළියේ තිබී සොයාගෙන තිබෙනවා.

ඉන්දීය ගුවන් සේවයේ AI- 272 දරන ගුවන් යානය අද දින පස්වරු 01.35ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට ධාවන පථය වෙත ගමන් ආරම්භ කර තිබුණා.

එහෙත් එම ගුවන් යානයේ පසුපස වැසිකිළිය තුළ අයිතිකරුවෙකු නොමැති කළු පැහැති පාර්සලයක් ඇති බව එහි ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් සිය අවසන් පරීක්ෂණය තුළ දී සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම ගුවන් යානය ගුවන් ගත නොවී පස්වරු 01.40ට ධාවන පථයෙන් ආපසු හරවා ගෙන ගුවන් තොටුපොළ වෙත පැමිණීමටයි නියමුවන් පියවර ගෙන ඇත්තේ.

මෙම ගුවන් යානයේ සියලුම ගුවන් මගීන් පිටතට බස්වා, ගුවන් යානය හුදෙකලා ස්ථානයකට රැගෙන ගොස් බෝම්බ නිශ්ක්‍රීය අංශය මගින් පරීක්ෂා කිරීමකට ලක් කර ඇති අතර එහිදී මෙම පාර්සලය බෝම්බයක් නොව රත්තරන් පාර්සලයක් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ඉන් අනතුරුව කිලෝ 2ක් බරැති රත්තරන් ක්‍රීම් වශයෙන් අඩංගු පාර්සලය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබෙනවා.

මෙම ඉන්දීය ගුවන් යානය අද පස්වරු 04.43ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් නලයක හිලක් අද ඉඳන් රටේ ආපහු තෙල් හිඟයක් ඇතිවෙයිද ?
09:24
Video thumbnail
හිටපු ජනපති මහින්ද ගැන සංවේදී වූ පාක්ෂිකයෝ - මහින්ද මහත්තයා රජෙක් නෙවෙයි දෙවියෙක්
06:40
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00

?