spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රත්නපුරයම කම්පා කරවූ අමානුෂික ඝාතනය

කාන්තාවක් පිහියකින් ඇන අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.27 හැවිරිදි වියේ පසුවූ එම කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි විවාහක කාන්තාවකි.මීට මාස දෙකකට පමණ පෙර ඇය විවාහ වී ඇත.මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් කෙහෙල්ඕවිටගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු 21 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි.

ඇලපාත ප්‍රදේශයේ පිහිටි සේවා ස්ථානයේ සිට සිය නිවසට යමින් සිටියදී අදාළ කාන්තාව මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත.

ඇයගේ සැමියාද එම සේවා ස්ථානයේම සේවයේ නිරතව සිට ඇති අතර ඉදින ඔහු සේවයට ගොස් නොමැත.

ඝාතනය සිදුවූ දින පස්වරුවේ එම කාන්තාවගේ නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි පාලු ස්ථානයකදී මාර්ගයේ රැඳී සිටි සැකකරු ඇයගෙන් රුපියල් 100ක මුදලක් ඉල්ලා සිට ඇත.

කාන්තාව විසින් එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පිහියකින් ඇයගේ සිරුරේ ස්ථාන 3කට ඇන ඇති බව සැකකරු විසින් පාපොච්චාරණය කර තිබේ.

පසුව කාන්තාවගේ අත රැඳි ගමන් මල්ලද රැගෙන සැකකරු පළාගොස් ඇත.

තම බිරිඳ නිවසට නොපැමිණීම පිළිබඳව සොයා බැලීමත් සමඟ අදාළ කාන්තාවගේ සැමියා විසින් ඇයව රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇතත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව වාර්තාවෙයි.

පොලීසිය විසින් සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් කසිප්පු පානයට ඇබ්බැහි වී ඇති බවත් කසිප්පු පානය කිරීමට මෙලෙස මුදල් ඉල්ලා සිටි බවත්ය.පසුව සැකකරු සිදුකළ ප්‍රකාශයකට අනුව කාන්තාව ඝාතනය කළ පිහිය සොයා පොලීසිය විමර්ශන ආරම්භ කළද එම ස්ථානයේ මේ වනවිට පිහිය අතුරුදන්ව තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු හෙට දිනයේ රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ඇලපාත පොලීසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?