රත්තරන් මන්ත්‍රී අලි සබ්‍රිට සහ රන් ගෙන ආ සුද්දාට හැඳි දෙකකින් බෙදපු රේගුවේ ලොක්කෝ (ඡායාරූප)

රුපියල් අට කෝටි පනස්තුන් ලක්ෂ දසදහස් නවසීයක් වටිනා කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 611ක් බරැති රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ප්‍රංශ ජාතිකයෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි මෙම ප්‍රංශ ජාතිකයා මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර, මෙවර ඔහු පැය 24 ක කාලයක් සඳහා පමණක් මෙරටට පැමිණීම පිළිබඳව සැක සිතී ඔහුගේ ගමන් මලු පරීක්ෂා කර ඇති බවයි වාර්තා වුණේ.

එම පරීක්ෂා කිරීම්වල දී මෙම රත්තරන් තොගය සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මොහු රැගෙන ආ ගමන් මලු තුළ සඟවා තිබිය දී රන් මාල කීපයක් සහ බැලූ බැල්මට සොයාගැනීමට අපහසු වන අන්දමට කළු පැහැති තීන්ත ආලේපන කරන ලද රන් පොලු කිහිපයක් ද තිබී සොයාගෙන ඇති බව සඳහන්.

මෙලෙස රේගු භාරයට ගත් රත්තරන් තොගය රාජසන්තක කළ අතර, සැකකාර ප්‍රංශ ජාතිකයාට රුපියල් කෝටි 07ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

මෙම දඩ මුදල ගෙවීමට අදාළ ප්‍රංශ ජාතිකයා අපොහොසත් වීමත් සමඟ ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පසුගිය මැයි මස 23 වනදා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ භාරය පත් වුණා.

එහිදී ඔහුට රත්තරන්වල වටිනාකමෙන් 10% ක ප්‍රමාණයක්, එනම් හැත්තෑ පන් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ රේගු නිලධාරීන්, ඒ හා සමාන වටිනාකමකින් යුතු රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ප්‍රංශ ජාතිකයෙකුට රුපියල් කෝටි 07ක දඩ මුදලක් නියම කිරීම අවධානයකට ලක් කළ යුතු කරුණක් නොවන්නේ ද ?

එකම වරද සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සහ වෙනත් පුද්ගලයෙකුට දඩුවම් ලබාදෙන රේගු නිලධාරීන්ගේ මෙම දෙබිඩි දඬුවම් පිළිවෙත මෙරට මහජනයා අතර හාස්‍යට සහ පිළිකුලට ලක්වන බව නම් නොරහසක්.

ප්‍රංශ ජාතිකයා නීති විරෝධී ලෙස ගෙන ආ රත්තරන්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
12
+1
3
+1
2
+1
4
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
01:15
Video thumbnail
🔴Breaking News
09:34
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන..ගම්මු වටවෙයි - පොලිසියත් එයි
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51
Video thumbnail
🔴Breaking News
04:05
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35