රත්ගම දී රජරට රැජිණ බස් රථයක ගැටී අනතුරක්

අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අද (07) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ රත්ගම, ඕවකන්ද, කපුමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රිය බස් රථයේ ගැටී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

බස් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළ අවස්ථාවේ එහි පිටුපස කොටස බෙලිඅත්ත දෙසට ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ රියදුරු පමණක් එහි සිට ඇති අතර ඔහුට හානියක් සිදුව නොමැති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම පෞද්ගලික බස් රථය අලුත්වැඩියා කටයුතු සඳහා කපුමුල්ල ප්‍රදේශයේ පිහිටි ගරාජයක් වෙත ගමන් කරමින් සිටිය දීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04