අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රිය පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අද (07) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ රත්ගම, ඕවකන්ද, කපුමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රිය බස් රථයේ ගැටී ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
බස් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළ අවස්ථාවේ එහි පිටුපස කොටස බෙලිඅත්ත දෙසට ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ රියදුරු පමණක් එහි සිට ඇති අතර ඔහුට හානියක් සිදුව නොමැති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙම පෞද්ගලික බස් රථය අලුත්වැඩියා කටයුතු සඳහා කපුමුල්ල ප්‍රදේශයේ පිහිටි ගරාජයක් වෙත ගමන් කරමින් සිටිය දීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.













