spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රතන හිමි කණගාටුවෙන්

පැය 24 න් කාබනික ගොවිතැන කළ හැකි බවට තමා කිසිදිනක යෝජනා කර නැතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කළා. ඒ අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

අරමුණ කොතෙක් යහපත් වුවත් වැරදි තීරණයක් ගතහොත් එය ඛේදවාචකයකින් අවසන් විය හැකි බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

වස විසෙන් තොර ගොවිතැන සඳහා අපි දැවැන්ත අරගලයක්, මතවාදී අරගලයක් සමාජයේ කළා. නමුත් අපි කිසිවෙක් එකවරටම කැබිනට් පත්‍රිකාවක් දාලා පැය 24න් කාබනික ගොවිතැන කරන්න පුළුවන් කියලා අපි කවුරුත් යෝජනා කළේ නෑ. ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාව දාන තුරු මේ සම්බන්ධයෙන් අපට කිසිම දැනුමක්, අවබෝධයක් තිබුණේ නෑ ආණ්ඩුව විසින් මේ වැඩපිළිවෙල කිරීම සඳහා 45දෙනෙකුගේ කමිටුවක් පත්කළා. බැසිල් රාජපක්ෂ මහතාගේ මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. මම අහන්න කැමතියි මහින්දානන්ද ඇමතිතුමාගෙන් ඔබතුමන්ලාගේ කමිටුව එක දවසක් හරි රැස්වුණා ද? දෙවනුව ඔබතුමන්ලා 22 ගෙන් යුත් කමිටුවක් පත්කළා භාගයක් හලලා. ඒ කමිටුව එක දවසක්වත් රැස්වුණා ද? ඒ එක කමිටුවකටවත් මගේ නමවත් යෝජනා කරලා තිබුණේ නෑ. මේ වගේ බරපතළ තීරණයක් ගන්නකොට විශේෂඥයින්ගේ කමිටුවක් පත්කළ යුතුයි. මම අහන්න කැමතියි වල් මර්දනය, පොහොර නිෂ්පාදනය පිළිබඳ මහින්දානන්ද ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතේ හෝ ජනාධිපතිතුමා යටතේ හෝ එවැනි විශේෂඥයින් 20 – 30ක කමිටුවක් පත්කරලා තියෙනවා ද? පොහොර නිෂ්පාදනය කරන අය ගෙන්නලා රැස්වීම් තියෙන එක ඒ අය පර්යේෂකයෝ නෙමෙයි. ඒ අය බිස්නස් එකක් කරන්නේ. ඒ නිසා මේ වගේ උදාර අරමුණක් අපි දිවිහිමියෙන් ප්‍රාර්ථනා කරපු අරමුණක් දියවී යෑම ගැන අපි කනගාටු වෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් අපිට අඬන්න තරම් දුක හිතෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?