රතන හිමි කණගාටුවෙන්

පැය 24 න් කාබනික ගොවිතැන කළ හැකි බවට තමා කිසිදිනක යෝජනා කර නැතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සඳහන් කළා. ඒ අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

අරමුණ කොතෙක් යහපත් වුවත් වැරදි තීරණයක් ගතහොත් එය ඛේදවාචකයකින් අවසන් විය හැකි බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

වස විසෙන් තොර ගොවිතැන සඳහා අපි දැවැන්ත අරගලයක්, මතවාදී අරගලයක් සමාජයේ කළා. නමුත් අපි කිසිවෙක් එකවරටම කැබිනට් පත්‍රිකාවක් දාලා පැය 24න් කාබනික ගොවිතැන කරන්න පුළුවන් කියලා අපි කවුරුත් යෝජනා කළේ නෑ. ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාව දාන තුරු මේ සම්බන්ධයෙන් අපට කිසිම දැනුමක්, අවබෝධයක් තිබුණේ නෑ ආණ්ඩුව විසින් මේ වැඩපිළිවෙල කිරීම සඳහා 45දෙනෙකුගේ කමිටුවක් පත්කළා. බැසිල් රාජපක්ෂ මහතාගේ මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්. මම අහන්න කැමතියි මහින්දානන්ද ඇමතිතුමාගෙන් ඔබතුමන්ලාගේ කමිටුව එක දවසක් හරි රැස්වුණා ද? දෙවනුව ඔබතුමන්ලා 22 ගෙන් යුත් කමිටුවක් පත්කළා භාගයක් හලලා. ඒ කමිටුව එක දවසක්වත් රැස්වුණා ද? ඒ එක කමිටුවකටවත් මගේ නමවත් යෝජනා කරලා තිබුණේ නෑ. මේ වගේ බරපතළ තීරණයක් ගන්නකොට විශේෂඥයින්ගේ කමිටුවක් පත්කළ යුතුයි. මම අහන්න කැමතියි වල් මර්දනය, පොහොර නිෂ්පාදනය පිළිබඳ මහින්දානන්ද ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතේ හෝ ජනාධිපතිතුමා යටතේ හෝ එවැනි විශේෂඥයින් 20 – 30ක කමිටුවක් පත්කරලා තියෙනවා ද? පොහොර නිෂ්පාදනය කරන අය ගෙන්නලා රැස්වීම් තියෙන එක ඒ අය පර්යේෂකයෝ නෙමෙයි. ඒ අය බිස්නස් එකක් කරන්නේ. ඒ නිසා මේ වගේ උදාර අරමුණක් අපි දිවිහිමියෙන් ප්‍රාර්ථනා කරපු අරමුණක් දියවී යෑම ගැන අපි කනගාටු වෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් අපිට අඬන්න තරම් දුක හිතෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44