Thursday, January 9, 2025
Empty Ad
AFC Banner
AFC Banner

”රට ගොඩනගනවා නම්; රාජ්‍ය පද්ධතිය ම යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි” – ජනපති (ඡායාරූප)

රට සුවපත් දේශයක් ලෙස ගොඩනැගීමට නම් රාජ්‍යය පද්ධතිය ම යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ; අද (09) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති “2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුමට” එක්වෙමින්.

“සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍යය එකමුතු කරමු” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම සිදු කෙරුණා.

ජනතාව විසින් උත්පාදනය කරනු ලැබූ බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම්; එම බලය ඵලක් නොවන බව ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් කියා සිටියා.

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණ ද, එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළා.

දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115 වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි ද ජනාධිපතිවරයා විමසා සිටියා.

කෙසේවෙතත් වසරෙන් වසර දූෂණය සහ වංචාව වැඩිවීමක් සිදු ව ඇති බවත් එය ලබන වසරේ දී අවම කර ගැනීමට නොහැකි නම්; ජාත්‍යන්තර දින සැමරුම් පැවැත්වීමේ වටිනාකමක් නොමැති බව ජනාධිපතිවරයා අවධාරණය කළේ.

2021 වසරේදී අල්ලස් දූෂණ කොමිෂන් සභාව නඩු 69ක් පවරා ඇති අතර නඩු 40ක් ඉල්ලා අස් කරගෙන තිබෙන බවත්; 2022 වසරේ දී නඩු 89ක් පවරා ඇති අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව නඩු 45 ක් ඉල්ලා අස්කරගෙන ඇති බව ද මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු ජනතාවට කිව යුතු බවත් විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතු බවත් ජනාධිපතිවරයා තරයේ ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ජුරේ (JURE) ව්‍යාපෘතිය හරහා දැනටමත් සුපිළිපන්න නිලධාරින් වශයෙන් රජයේ නිලධාරින් 1000කට අධික පිරිසක් පුහුණු කර ඇති අතර එම නිලධාරීන්ගෙන් 15 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවුණා.

469747062 1165924781570416 3733264251520566683 n
469972296 1165924768237084 5478998680529708915 n
469748671 1165924821570412 2040897429309503569 n
469988640 1165924671570427 2557885905909200930 n
469985003 1165924701570424 4279827866095905655 n
469864698 1165924714903756 124986233277351879 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?