රටේ ආරක්ෂාව සඳහා පමණක් හමුදාව යොදවන බවට ආරක්‍ෂක ලේකම්ගෙන් සහතිකයක් (ඡායාරූප)

ආරක්‍ෂක හමුදාවන් නවීන තාක්‍ෂණයන් සහ යුද්ධොපකරණ සමඟින් නවීකරණය කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින්න බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.

එමෙන්ම රටේ ආරක්‍ෂක අංශ සතු මූලික කාර්යභාරය වන දේශයේ ආරක්ෂාව සඳහා පමණක් ආරක්‍ෂක හමුදා යොදවන බවට සහතික වන බවයි ආරක්‍ෂක ලේකම්වරයා පවසන්නේ.

ත්‍රිවිධ හමුදාවන් සතු මානව හා භෞතික සම්පත් ප්‍රශස්ත අන්දමින් භාවිත කිරීම සහතික කිරීම මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සන්නද්ධ හමුදා ව්‍යුහය සමාලෝචනය කිරීමට ද බලාපොරොත්තුවන බවයි ආරක්‍ෂක ලේකම් සඳහන් කළේ.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඊයේ (28) පැවති වර්ණවත් නාවික හමුදා විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදා බඳවා ගැනීම් ක්‍රියාත්මක කිරීම සහ පිරිස් තෝරාගැනීමේ දී ප්‍රමාණාත්මක අවශ්‍යතාවන්ට වඩා ගුණාත්මක භාවය කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසුවේ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා ද සහභාගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42