spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටම ඇණ හිටියි.. ගෝඨා – රනිල් ඉවත් වනතුරු රට පුරා හර්තාල් ඇරඹෙයි

ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ සිය ධුරවලින් ඉල්ලා අස්වන තෙක් රට පුරා අඛණ්ඩ වැඩ වර්ජන, හර්තාල්, උද්ඝෝෂණ ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කරන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසනවා.

ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔවුන් පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩබිම් තුළ ඒකාබද්ධව කරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා මහ ජනතාවගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි..

ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට ඉල්ලා අස්වන්නැයි රට වැසියන් සමග එක්ව අරගලකරුවන්, වෘත්තීය සමිති ඇතුළු අනෙකුත් සිවිල් සංවිධාන ඉල්ලා සිටි බවත් මහජන මතයට කන්දීමට ඔවුන් දෙදෙනා සූදානම් නැතැයි පැහැදිලි වන බවත් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

රනිල් සහ ගෝඨාභය නොමැති අන්තර්වාර පාලනයක් ඇති කළ යුතු බව ද වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
88
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?