රජරට කෘෂිකර්ම පීඨයේ අඛණ්ඩ වැඩ වර්ජනයක්

රජරට විශ්ව විද්‍යාලීය කෘෂිකර්ම විද්‍යා පීඨය ඉදිරිපිට එම පීඨයේ ආචාර්යවරුන් විසින් නිහඬ විරෝධතාවයක්ද ඊයේ (23) පවත්වනු ලැබුවා

ඒ ශාක විද්‍යා අංශයේ කෘෂිකර්ම පීඨාධිපති මහාචාර්ය වොලි විජේරත්නගේ අත්තනෝමතික ක්‍රියාදාමයන් විරෝධය දැක්වීමටයි.

එමෙන්ම ඊයේ (23) දහවල් 12.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ද ආචාර්යවරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර තිබෙනවා.

විරෝධතාවයේ නිරත වූ ආචාර්යවරුන් පවසන්නේ පීඨාධිපතිවරයා විසින් ආචාර්යවරුන් මානසික පීඩනයට ලක් කිරීම, බියවැද්දීම හා කතා කිරීමේ නිදහස නැති කිරීම වැනි තර්ජනාත්මක ක්‍රියාදාමයන් නිසා කෘෂිකර්ම පීඨයේ ආචාර්යවරුන් ඇතුළු අධ්‍යන කාර්ය මණ්ඩල දැඩි පිඩාවකට පත් වී සිටින බවයි.

මේ සම්බන්ධයෙන් 2025 ජනවාරි මාසයේ රජරට විශ්ව විද්‍යාලයේ වැඩ බලන උප කුලපතිවරයාට දැනුම්දුන් නමුත් මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් හෝ අදාල පීඨාධිපති පිළිබද විනය පියවර නොගත් නිසා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර බවයි විරෝධතාකරුවන් වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය, පීඨාධිපතිවරයාට පරිපාලනයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කරනතුරු පවත්වාගෙන යන බවට වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:25
Video thumbnail
කාන්තාවන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:24
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:35
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19