Empty Ad
AFC Banner
Empty Ad

රංගන ශිල්පීනි රත්නා සුමනපාලගේ මුණුබුරා රිය අනතුරකින් නික්ම යෑම බුකිය සංවේදී කළ සටහන් – Photos

රංගන ශිල්පිනි රත්නා සුමනපාලගේ මුණුබුරා හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් මියගොස් ඇති බව හංවැල්ල පොලිසිය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ රනාල ජල්තර නෙලූම් පෙදෙසේ පදිංචිව සිටි නවරත්න බණ්ඩාරලාගේ දුල්ෂාන් මනිෂ්ක සුමනපාල නමැති 24 හැවිරිදි තරුණයෙක්.

මියගිය අය යතුරුපැදියක් මිලදී ගැනීමට ගොස් ඒ සඳහා පැමිණි මිතුරා නිවසට ඇරලවා නැවත එමින් සිටියදී මාර්ගයේ රැලි සහිත ස්ථානයකින් යතුරුපැදිය ලිස්සා ගොස් වට කීපයක් කැරකී පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසුවා. අනතුර සිදු වූ අවස්ථාවේ යතුරුපැදිකරුගේ ආරක්ෂිත හිස්වැසුම ගැලවී ඇති අතර හිස මාර්ගයේ තදින් වැදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ ඔහු පාදුක්ක දිසා රෝහලටත් එතැනින් ජාතික රෝහල වෙත රැගෙන යමින් සිටියදී අසාධ්‍ය වීම නිසා හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?