යුද බලය වෙනුවට සාකච්ඡාව මත විශ්වාස තබන ඉන්දියාව

මැදපෙරදිග යුද්ධය අද තුන්වෙනි සතිය දක්වා එළඹුනේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධිය නිදහස් කර ගැනීමේ මෙහෙයුමට යුද්ධයේ සෘජු කොටස්කරුවන් නොවූ තවත් රටවල් 07කට ආරාධනා කිරීමේ උණුසුමත් සමගින්.

ලෝකයේ ප්‍රධානතම බලශක්ති සැපයුම් මාර්ගයක් වන හෝමූස් වසා දැමීමෙන් ඉරානය ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් ඵලදායී ලෙස යටපත් කර ඇත්තේ, ලෝක බලශක්ති හිඟයක් පිළිබඳ බිය තීව්‍ර කරවමින්.

මෙම අර්බුදයට සෘජුව මුහුණ දී සිටින එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්, හෝමූස් සමුද්‍ර සන්ධිය නිදහස් කරගැනීම සඳහා එක්ව කටයුතු කරන ලෙස ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 07කින් ඉල්ලා සිටියා .

යුරෝපීය මිත්‍ර පාක්ෂිකයින් එයට සහාය නොදක්වන්නේ නම් නේටෝව “ඉතා නරක” අනාගතයකට මුහුණ දෙනු ඇති බවට ට්‍රම්ප් අනතුරු ඇඟවූවා.

කෙසේ නමුත් හෝමූස් වෙත යුද නැව් යැවීමට තවමත් කිසිදු රටක් එකඟ වී ඇති බවක් වාර්තා වෙන්නේ නැහැ.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යුරෝපා සංගමයේ සාමාජික රටවල නියෝජිතයින් අද බ්‍රසල්ස් හිදී රැස්වුණා.

මෙවන් පසුබිමක මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය තත්ත්වය හමුවේ ඉරානය විසින් අවහිර කරන ලද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකාවලට ගමන් කිරීමට අවස්ථාව ලබාගැනීම සඳහා ඉරානය සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් පවසනවා.

ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉරානය සමඟ සිදුකළ සාකච්ඡා දැනටමත් යම් යම් සුබවාදී ප්‍රතිඵල ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත්, සියලුම ඉන්දීය නෞකා සඳහා මෙතෙක් පොදු අවසරයක් හිමිව නොමැති බවත්, එක් එක් අවස්ථාවන්හිදී සිදුකරන සාකච්ඡා මත පදනම්ව නෞකාවලට අවසර හිමිවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සාකච්ඡාවල ප්‍රගතියක් ලෙස ඉන්දීය ධජය සහිත ගෑස් ප්‍රවාහන නෞකා දෙකක් පසුගිය සෙනසුරාදා හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කළා.

තවත් ඉන්දීය නෞකා 22ක් අවසර ලැබෙන තෙක් රැඳී සිටිනවා.

ඉන්දියාවේ බොරතෙල් අවශ්‍යතාවයෙන් 40-50%ක් පමණ ප්‍රවාහනය වන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46
Video thumbnail
මැයි රැළිය අවසන් කරලා රටටම සෙත් පතන්න ගිය දිලිත්
02:21
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න..කර්මාන්ත ශාලාව අළුවෙලා ගිහින්
01:19
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:10
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:31
Video thumbnail
ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මාලිමාව
09:17
Video thumbnail
සරත්ගේ කතාවත් එක්ක මහා වැස්සක් කඩා වැටෙයි
10:26
Video thumbnail
මෛත්‍රී තමයි රට කඩා වැටීමට වගකියන්න ඕනේ
00:50