යුක්‍රේනයේ ලිවීව් නගරයට ප්‍රහාරයක්

රුසියාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

බීබීසී පුවත් සේවය පවසන්නේ ඊයේ (03) අලුයම යුක්‍රේනයේ බටහිර කොටසට ද දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පුද්ගලයින් 47 දෙනෙකු මියගිය බවයි.

අද (04) එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු ඉලක්ක කරගෙන සිදු ව ඇති අතර, එහිදී තිදෙනකු මියගොස් තිබෙනවා.

යුක්‍රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හි දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ලිවිව්හි නගරාධිපති Andriy Sadovy පැවසුවේ අද අලුයම රුසියාව ඩ්‍රෝන යානා සහ හයිපර්සොනික් මිසයිලවලින් එම ප්‍රහාර එල්ල කළ බවයි.

මියගිය අය අතර වයස අවුරුදු 09 සහ 14 හැවිරිදි ළමයින් දෙදෙනෙකු මෙන්ම නගරයේ වින්නඹු මාතාවක් ලෙස සේවය කරන කාන්තාවක් ද සිටි බව බලධාරීන් පවසනවා.

රුසියානු මිසයිල ඉලක්ක කර ගුවන් ආරක්ෂක ප්‍රහාර එල්ල කරද්දී කියෙව් අගනුවරට ඉහළින් පිපිරුම් හඬක් ද ඇසුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර Kryvyy Rih නගරයේ හෝටලයකට පහරදීමෙන් ඒ ආසන්නයේ පිහිටි නිවෙස්වලට ද හානි වී; පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

යුක්‍රේන හමුදාව ප්‍රකාශ කරන්නේ සමස්ත රටටම ගුවන් අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02