යාපනය වඩමාරච්චි පුලොලීසිංගනගර් ප්‍රදේශයේදී දීපාවලී උත්සවය සමරමින් සිටි තරුණයින් දෙදෙනකු ලිදට වැටි මිය යාමේ සිද්ධියට අදාල අධිකරණ වෛද්‍ය පරීක්ෂණය 25 දා පවත්වා තිබේ.
එහිදී අදාල තරුණයින් දෙනො දියේ ගිලීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට අනාවරණයවි ඇති අතර ඔවුන්ගේ සිරුරු වලින් ලබා ගත් කොටස් පරීක්ෂා කිරීමේදී ඔවුන් මත් පැන් හා අයිස් මත්ද්‍රව්‍ය පානය කොට තිබු බවටද මෙහිදී අනාවරණයව තිබේ.
ඒ අනුව මෙම මෘත දේහයන් පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පේදුරුතුඩුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී කේ වාසුදේවා මහතා විසින් සිදු කරන ලදි













