යතුරුපැදිය ගහේ වැදිලා පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ ඒරුවන් ප්‍රදේශයේදී ඊයේ (26) දින යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය පවසනවා.

කොඩිකාමම් සිට පේදුරුතුඩව දෙසට ධාවනය වී ඇති යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවටත් එහිදී යතුරුපැදිය පැදවූ පොලිස් නිලධාරියා මියගොස් පසු ආසනයේ පැමිණි පොලිස් නිලධාරියා බරපතල තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර යතුරුපැදියේ ටයරයක හුලං යාමෙන් යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ගොස් ගසේ වැදීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පලකර සිටින අතර අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය පොලීසියේ සේවය කරන ලද යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙක්.

අනතුරින් බරපතල තුවාල ලබා ඇත්තේ නෙල්ලිඅඩි පොලීසියේ සේවය කරන ලද පොලිස් නිලධාරියෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17