යතුරුපැදියක් අනතුරට ලක්ව උප පොලිස් පරීක්ෂක රෝහලේ

යතුරුපැදියක් අනතුරට ලක්ව උප පොලිස් පරීක්ෂකවරයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හලාවත පොලීසිය පවසනවා.

උප පොලිස් පරීක්ෂකවරයා ගමන් කළ යතුරුපැදිය ඊයේ (15) රාත්‍රියේ හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය ප්‍රදේශයේ දී
මාර්ගයේ ගමන් කළ අයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, යතුරුපැදියේ ගැටුණු පුද්ගලයා ද තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පොලිස් නිලධාරියා රාජකාරී අවසන්ව නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා සහ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?