spot_imgspot_img

මොරගල කුසල් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට

හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් දැනට කළුතර රක්ෂිත බන්ධනාගාරයේ සිටින මොරගල කුසල් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන ඇල්හේන්කත්ද මොරගල පදිංචි මොරගල එරන්ග නැමැති වයස අවුරුදු 27 පුද්ගලයෙකු මෙසේ මීගහතැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම සිදු වන බවට පොලීසිය තොරතුරු අනාවරණය වී ඇත.
මෙම සැකකරු මොරගල ප්‍රදේශයේ ඔහුගේ නිවස ආසන්නයේ දී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මීගහතැන්න පොලිසියේ බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත මිගහතැන්න පොලිසිය අපරාධ අංශය අංශයේ නිලධාරීන් පිරිසක් ඔහු පරික්ෂා කිරීමේදී කිරීමේ දී මොහු සන්තකයේ තිබී ජාවාරම සඳහා රැගෙන යන අයිස් ග්‍රෑම් 14 කේරල ගංජා ග්‍රෑම් 27 පොලීසිය විසින් සොයා ගන්නා ලදී.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ මොහු මොරගල සහ මීගහතැන්න ප්‍රදේශවලට බහුල වශයෙන් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින බවයි.

සැකකරු මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ සූක්ෂම ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ජාවාරම සඳහා භාවිතා කළ යතුරු යතුරු ද පොලිස් බාරයට ගෙන ඇත සැකකරු සම්බන්ධයෙන් මීගහතැන්න පොලීසියේ ස්ථානාධිපතිතුමා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති තුමා යටතේ පරීක්ෂණ කටයුතු පැවැත්වෙන අතර සැකකරු හෙට දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?