Fly high Get bonus Aviator Phone

මේ රටේ ව්‍යාපාර රැසක් බැංකුවලින් වෙන්දේසි කරලා – අනුර

මේ වසර ඇතුළත මෙරට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් පවරාගෙන වෙන්දේසි කර ඇති බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ (13 ) පැවසුවා.

බැංකු ණය මත සුළු හා මධ්‍ය පරිමාණික ව්‍යවසාය ගොඩනැඟී ඇති බව ද ආණ්ඩුවල වැරදි තීන්දු තීරණ නිසා එම ව්‍යවසායකයන්ට ව්‍යාපාර අහිමි වී ඇති බව ද ඔහු කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

අපට හිටියේ නිවට නියාලු නායකයෝ. ඒ නිසා අපේ රටේ පිබිදීමක් ඇති කරන්න බැරි වුණා. තායිලන්තයේ, ඉන්දියාවේ, කොරියාවේ නායකයන්ට පුළුවන් වුණා ජනතාව පුබුදු කරන්න. රට හදන්න නම් ජාතිය අලුතෙන් නඟාසිටුවිය යුතුයි. එයට නායකත්වය දිය හැකි කණ්ඩායමක් බලයට පත් කළ යුතුයි.ගිණුම්කරණ විසඳුමක් තිබුණත් ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුමක් අවශ්‍යයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පරාටේ නීතිය හරහා බැංකු විසින් වෙන්දේසි කර තිබෙනවා. ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 31 දක්වා මේ වනවිට සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් වෙන්දේසි කරලා. මෙම ව්‍යවසායකයන් කඩාවැටුණේ පසුගිය ආණ්ඩු ඇති කළ දුර්වල පාලනය නිසා. ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව නැති වුණා. බැංකු පොලී අනුපාත වැඩි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?