උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න කාලය හොඳටම ප්‍රමාණවත් – අගෝස්තු 10 දිනයේ කිසිඳු වෙනසක් නෑ

අගෝස්තු මස 10 වනදා අපොස උසස් පෙළ විභාගය පවත්වන බවට ගනු ලැබූ තීරණය හදිසියේ ගනු ලැබු තීරණයක් නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.

එම දිනය පිළිබඳ තීරණය සියලු කරුණු සලකා බලා නිසි කාලය තුළ තව දුරටත් දින වකවානු ලබාදෙමින් ගනු ලැබූ තීරණයක් බවයි අධ්‍යාපන ලේකම්වරයා පවසන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය සාකච්ඡා එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

අපොස උසස් පෙළ විෂය නිර්දේශයන් ආවරණය කිරීම සඳහා දින 300ක් නියම කර ඇති බව සඳහන් කළ ඔහු උසස් පෙළ විෂය නිර්දේශයන් ආරම්භ කළ දිනයේ සිට විභාගය පැවැත්වෙන දිනය දක්වා දින 343ක් ඇති බවයි ඔහු අවධාරණය කළේ.

එමෙන්ම දෙවනවර විභාගය පෙනී සිටීමට සූදානම්වන සිසුන් වෙනුවෙන් විභාගට සුදානම්වීම සඳහා මාස හතරකුත් දින 10ක කාලයක් ලබා දී ඇති බවයි අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ.

2025 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල 2026 වසරේ මාර්තු මස 31 වන දින නිකුත් කළ බවත් ලේකම්වරයා මෙහිදී අවධාරණය කර සිටියා.

අගෝස්තු මස 10 වනදා විභාගට පැවැත්වීම තුළ කිසිඳු දරුවෙකුට විශේෂ අසාධාරණය සිදුනොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව 2026 අපොස උසස් පෙළ විභාග පැවැත්වීමේ දිනය වන අගෝස්තු මස 10 වනදා දිනයේ කිසිදු වෙනසක් සිදුනොවන බවත් ඔහු මෙහිදී පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37