ඇඟිල්ලේ පාට නොකිරීමෙන් එක මැතිවරණයකින් ලක්ෂ 1000ක ඉතිරියක්

මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිතකර ඡන්ද දායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.

ඒ අනුව මෙම තීරණයත් සමඟ මෙරට මැතිවරණයක වියදම රුපියල් ලක්ෂ 1000කින් පමණ කප්පාදු කරගත හැකි බව පැෆරල් සංවිධානය පවසනවා.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි අද (24) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වසර 10කට පෙර යෝජනා වී පැවති එය ක්‍රියාත්මක නොවූ බවයි.

මැතිවරණ ක්‍රියාවලියේ දී එලෙස තීන්ත භාවිතකර ඡන්ද දායකයා සලකුණු කිරීම සඳහා නිලධාරීන් යෙදවීම ඇතුළු සම්පත් සපයා ගැනීමේ ක්රියවලොඉයුඅ සඳහා වැය වන ලක්ෂ 1000ක පමණ වියදමක් මේ හරවා කප්පාදු කරගත හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted