මේජර් නිලයෙන් පහළ සියලුම යුද හමුදා සාමාජිකයින්ගේ පාස්පෝට් හමුදා භාරයට

යුද හමුදාවේ මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තමන් අයිති රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබන ලෙසට නියෝග කර තිබෙනවා.

පරිපාලනමය කටයුතු පහසුකර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේ.

බොහෝ සෙබළුන් දුර පළාත්වල රාජකාරී සිදුකරන අතර, හදිසියේ විදෙස් පුහුණුවීම්වලට යැවීමේ දී සහ සාම සාධක බළකා සඳහා විදෙස් ගත කිරීමේ දී ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය ආරම්භ කර ඇති බවයි ඔහු පැවසුවේ.

මෙම තීරණයත් සමඟ ඇතැම් යුද හමුදා සාමාජිකයින් විවිධ අපරාධයන් සිදුකර රටින් පලායාමේ සිදුවීම ද අවමවන බවයි අප කළ විමසීමක දී මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර එම විදෙස් ගමන් බලපත්‍ර සුරක්ෂිතව තබාගැනීම හා සුදුසු ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බලය රෙජිමේන්තු මධ්‍යස්ථානවල අණදෙන නිලධාරීන්ට පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
23
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09