Fly high Get bonus Aviator Phone

මෙරට නිල සංචිත ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අප්‍රේල් මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 5.43 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරනවා.

අද (07) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

මාර්තු මාසය අවසන් වන විට මෙරට නිල සංචිත ඩොලර් බිලියන 4.96 ක්ව පැවති බව සඳහන් කළ අධිපතිවරයා, අප්‍රේල් මාසය අවසන් වන විට එය ඩොලර් මිලියන 400 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනේ තුන්වන වාරිකය සම්බන්ධයෙන්, අරමුදල් බෙදා හැරීම සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය 2024 ජුනි මාසයේ දී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?