spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට ඩොලර් හිඟයට ඇඹුල් කෙසෙල් පිළිතුරක් දෙයි

ඇඹුල් කෙසෙල් ඩුබායි රටට සතියකට වරක් අපනයනය කිරීමෙන් ඩොලර් ලක්ෂයක පමණ මුදලක් උපයා ගැනීමට යාපනය ගොවීන් සමත් වී තිබෙනවා

මෙලෙස උතුරු පළාතේ වවන ලද ඇඹුල් කෙසෙල් ඩුබායි යැවීම සිදු කරන අතර මෙය ඉදිරි වසර තුන තුළ තවදුරටත් පුළුල් කරමින් එම ආදායම ලක්ෂ පහ දක්වා වැඩි කිරීමට ඉලක්කය වී තිබේ.

එමෙන්ම උතුරු පළාතේ ඉඩම් අක්කර 8000ක් හඳුනාගෙන තරුණ ව්‍යවසායකයන් වෙත පවරා දී, නව තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්. චාල්ස් මහත්මිය උපදෙස් දී ඇති බවද සඳහන්. තවද පළාතේ වගා කෙරෙන අඹ, පැපොල් හා පැෂන්ෆෘට් විදේශ වෙළෙඳපොළ වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති අතර අක්කර 1000ක මිරිස් වගා කර පළාතේ මිරිස් අවශ්‍යතාව සපුරා ගනිමින් ගොවීන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම මෙහි මුඛ්‍ය අරමුණ වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
10
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?