මෙක්සිකෝවේ පොපොකටෙපිටල් ගිනිකන්ද සක්‍රීය වෙයි

මෙක්සිකෝවේ භයානකම සක්‍රීය ගිනි කන්ද වශයෙන් සැළකෙන පොපොකටෙපිටල් ගිනිකන්ද පුපුරා යාමට ආසන්න බවට පෙරනිමිති පහළ කිරීමට පටන් ගෙන තිබෙනවා.

මීට සති දෙකක පමණ කාලයක සිට කඳු මුදුනින් අළු මිශ්‍ර දුම පිටවනු නිරීක්ෂණය වීමෙන් පසු අවට වැසියන් මිලියන ගණනක් වෙනත් ආරක්ෂිත ප්‍රාදේශවලට රැගෙන යාමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය සෙනසුරාදා සිට එම ප්‍රදේශයෙන් ගුවන් ගමන් කටයුතු ද සීමා කර තිබෙන අතර, ඇතැම් පාසල් ද සෞඛ්‍යමය හේතුන් මත වසාදමා තිබෙනවා.

මධ්‍යම මෙක්සිකෝවේ පිහිටා ඇති මෙම ගිනි කන්ද ලොව භයානකම ගිනි කන්දක් ලෙස සැලකෙන්නේ, මිලියන 25ක පමණ ජනතාවක් ගිනි කන්දේ සිට සැතපුම් 60ක අරයක් තුළ ජීවත් වීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
3
+1
4
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?