මෙක්සිකෝවේ පොපොකටෙපිටල් ගිනිකන්ද සක්‍රීය වෙයි

මෙක්සිකෝවේ භයානකම සක්‍රීය ගිනි කන්ද වශයෙන් සැළකෙන පොපොකටෙපිටල් ගිනිකන්ද පුපුරා යාමට ආසන්න බවට පෙරනිමිති පහළ කිරීමට පටන් ගෙන තිබෙනවා.

මීට සති දෙකක පමණ කාලයක සිට කඳු මුදුනින් අළු මිශ්‍ර දුම පිටවනු නිරීක්ෂණය වීමෙන් පසු අවට වැසියන් මිලියන ගණනක් වෙනත් ආරක්ෂිත ප්‍රාදේශවලට රැගෙන යාමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය සෙනසුරාදා සිට එම ප්‍රදේශයෙන් ගුවන් ගමන් කටයුතු ද සීමා කර තිබෙන අතර, ඇතැම් පාසල් ද සෞඛ්‍යමය හේතුන් මත වසාදමා තිබෙනවා.

මධ්‍යම මෙක්සිකෝවේ පිහිටා ඇති මෙම ගිනි කන්ද ලොව භයානකම ගිනි කන්දක් ලෙස සැලකෙන්නේ, මිලියන 25ක පමණ ජනතාවක් ගිනි කන්දේ සිට සැතපුම් 60ක අරයක් තුළ ජීවත් වීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25