Fly high Get bonus Aviator Phone

මුහුණු පොතෙන් හඳුනාගෙන නරක එව්වත් ෆෝන් එකට එවලා

වයස අවුරුදු 15ක දරුවකුට බරපතළ ලිංගික අපයෝජනය කළැයි දින 28කට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබූ ගුරුකම් ශ්‍රමණ වෙස් දරන්නා රුපියල් ලක්‍ෂ 5 බැගින් වූ කොන්දේසි සහිත ඇප මත මුදා හැර තිබෙනවා.

දේවාලේ පන්සල නමින් හැඳින්වෙන බෝධිරාජාරාමයේ වැඩවසන ගුරුකම් ආදිය පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන ශ්‍රමණ වෙස් දරන්නෙක් මෙලෙස ඇප ලැබීය.

සැකකරු ජංගම දුරකතන යෙදවුම් මඟින් සම්බන්ධ කරගන්නා දරුවන් එසේ ගෙන්වා‍ෙගන මුදල් හා වෙනත් තෑගි බෝග ලබාදී ලිංගිකව හිරිහැර කරන බව පොලිසිය මුල් අවස්ථාවේදී කරුණු දක්වා තිබිණ. එහිදී අදාළ සිසුවා ද සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී දරුවාගේ නිවස පිහිටි ගිරිඋල්ල පොලිස් බල ප්‍ර්‍රදේශයේ සිට කුරුණෑගල නගරයට ගෙන්වාගෙන මුදල් හා තෑගි බෝග ලබාදී තවත් දිනකද ‍ ගෙන්වාගෙන ඉබ්බාගමුව ප්‍රදේශයේ විහාරස්ථානයකට රැගෙන ගොස් එසේ ලිංගික අපයෝජනය කර ඇතැයි එහිදී පොලිසිය කරුණු දැක්වීය.

එමෙන්ම සැකකරු බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකරන අවස්ථා රැගත් වීඩියෝ දර්ශන අදාළ දරුවාගේ ජංගම දුරකතනයට ඇතුළත් කර තිබියදී එම දුරකතනය පාසලේදී පරීක්‍ෂාවට ලක්වීමෙන් අනතුරුව විදුහල්පතිවරයා හරහා පැමිණිල්ල ලද බවද පොලිසිය කරුණු දක්වා ඇත.

එහිදී කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මුල් අවස්ථාවේ ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර, දෙවන අවස්ථාවේදීද ඇප අයැදුම ප්‍රතික්ෂේප කර තිබිණ. කෙසේ වෙතත් පරීක්‍ෂණ ප‍්‍රගතිය පිළිබඳව අවධානය යොමු කරමින් නඩුව යළි කැඳවූ අවස්ථාවේදී එසේ කොන්දේසි සහිත ඇප නියම කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
3
+1
1
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?