මුණුපුරා තල්ලුකරලා සීයා මැරිලා

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලක් අතර තුර තුවාල ලැබූ පුද්ගලයෙක් ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (14) අලුයම් කාලයේ සිදු වූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා තම දියණිය සහ ඇයගේ සැමියා සමඟ අදාළ නිවසේ පදිංචිව සිටි ඇති අතර, දියණියගේ සැමියාගේ පළමු විවාහයේ දරුවෙකු ද ඔවුන් සමඟ නිවසේ පදිංචිව සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු විසින් පදිංචිව සිටින නිවසේ අයිතිය ඉල්ලා පියා සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර, එම අවස්ථාවේ දී මරණකරු ආරවුල බේරීම සඳහා මැදිහත්ව තිබෙනවා.

ඒම අවස්ථාවේ දී මුණුබුරා විසින් ඔහුව තල්ලු කිරීමෙන් බිම ඇද වැටී තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ගතකර විටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති අතර, සිදුවීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06