මුණුපුරා තල්ලුකරලා සීයා මැරිලා

ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලක් අතර තුර තුවාල ලැබූ පුද්ගලයෙක් ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (14) අලුයම් කාලයේ සිදු වූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක පුද්ගලයෙක්.

මියගිය පුද්ගලයා තම දියණිය සහ ඇයගේ සැමියා සමඟ අදාළ නිවසේ පදිංචිව සිටි ඇති අතර, දියණියගේ සැමියාගේ පළමු විවාහයේ දරුවෙකු ද ඔවුන් සමඟ නිවසේ පදිංචිව සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු විසින් පදිංචිව සිටින නිවසේ අයිතිය ඉල්ලා පියා සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර, එම අවස්ථාවේ දී මරණකරු ආරවුල බේරීම සඳහා මැදිහත්ව තිබෙනවා.

ඒම අවස්ථාවේ දී මුණුබුරා විසින් ඔහුව තල්ලු කිරීමෙන් බිම ඇද වැටී තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල් ගතකර විටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති අතර, සිදුවීම සම්බන්ධව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19